විදුහල්පති පණිවිඩය
ග/ගෝනගල ජාතික පාසල

යාවජීව අධ්‍යාපන කිිිිිිියාවලියක් තුළ දරුවන්ගේ දක්ෂතාවයන් ඉස්මතු කරමින් මනාව ඔප මට්ටම් කර එම වටිනාකම් සමග ඵලදියි පෞරුෂයකින් හෙබි යහගුණ පිරි දරුවන් පිරිසක් සමාජ ගත කළ යුතු ය. එහිදී දරුවාගේ හිස, හදවත සහ හස්තය යන තුනම සංවර්ධනය කිරීම අධ්‍යාපනයේ අරමුණයි.
විවිධ අභියෝගයන් හමුවේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වා ගෙන යාමට බාධා එල්ල වෙමින් පවතී.විශේශයෙන්ම ගෝලීය කොරෝනා වසන්ගත තත්වය හමුවේ සාම්ප්‍රදායික අධ්‍යාපනයට ප්රවේෂ වීමට බාධක එල්ල වී ඇත.මෙවන් අවස්ථාවක දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයන් භාවිතය ජාතික අධ්‍යාපන අරමුණු ඉටුකරවාලමින් දරුවන්ගේ දක්ෂතා ඉස්මතු කර ගැනීමට යහ අවස්ථාවකි
නැණ ගුණ සපිරි දරු පරපුරක් බිහි කිරීමට අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ආරම්භ කිරීමට නියමිත මෙම වෙබ් අඩවිය දරුවාට දැනුම ගවේෂණයට ඉඩ සලස්වා ඇත.සියලු විෂයන්ට අදාළ විෂය අන්තර්ගතයන් සමග නිරන්තරයෙන් යාවත්කාලිනව මෙම ක්‍රමවේදය ඔස්සේ සාම්ප්‍රදායික අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් ලෝකය ජය ගැනීමට දරුවාට ඉඩ හසර ලබා දී ඇත.