- සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක ම පෙ.ව. 7.15 ට පෙර පාසලට පැමිණිය යුතු අතර පෙ.ව. 7.30 ට පෙර පංතිකාමර හා වෙන්කර දී ඇති ස්ථාන පවිත්‍ර කොට අවසන් කළ යුතුය. මේ සම්බන්ධයෙන් පන්තිභාර ගුරුවරයා හා අදාළ ශිෂ්‍ය නායක නායිකාවන් වගකීමනේ ක්‍රියා කළ යුතු ය.
- පාසල ආරම්භ කිරීමේ සීනුව නාදකිරීමත් සමගම සියදුම දරුවන් පන්ති කාමරය ඉදිරිපිට පෙළ ගැසී රැස්වීම් පැවැත්වෙන නියමිත ස්ථානයට යාමට සූදානම් විය යුතු ය. (උදා මුළුව පැවැත්වෙන දිනයන් හි දී)
- පෙ.ව. 7.30 නාදවන සීනුවට සන්සුන් ව නිහඩව රැස්වීම් භූමිය කරා ගමන් කොට ආගමික වතාවත්වලට සම්බන්ධ විය යුතු ය.
- උදෑසන ආගමික වතාවත් හා ජාතික ගීතය පාසල් ගීතය වාදනය වන විටත් හවස ඡත්ථමානවක ගාථා වාදනය වන විටත් සිසු දරුවන් ගුරු භවතුන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා පාසල තුළ රුදී සිටින සියලු දෙනා ස්වකීය කාර්යභාරයන්ගෙන් වැලකී එම කටයුතුවලට ගෞරවයෙන් හා සක්‍රීයව සහභාගී විය යුතුය.
- සියලුම සිසුන් පාසල නිමවන තෙක් තම පන්ති කාමරය තුළම රැදී සිටිය යුතු අතර කිසිදු හේතුවක් නිසා වෙනත් පන්තියක ක්‍රීඩා පිටියේ හෝ වෙනත් ස්ථානයක රැදී නොසිටිය යුතුය. අවශ්‍යතාවත් සදහා වෙනත් පන්ති කාමරයකට යන්නේ නම් අවසර ලබා ගත යුතුය.
- සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම තමන්ට නියමිත නිල ඇදුමින් සැරසී සිටිය යුතු ය.
- සිසුන් පාසලට ගැලපෙන පරිදි කොණ්ඩය කොටට කපා තෙල්ගා පීරා සකස් කර ගත යුතු ය.
- විලාසිතා කොණ්ඩ කටු අනවශ්‍ය ආභරණ ඉන පටි කිසිවක් පැළදීම සිදු නොකළ යුතු ය.
- අධ්‍යාපන කටයුතු සදහා හා වෙනත් අවශ්‍යතා සදහා අවශ්‍ය උපකරණ නිවසින් පැමිණෙන විට ගෙන ආ යුතු ය. පාසල් කාලය තුළ වෙළෙද සල් වෙත යාමට අවසර නොලැබේ.
- විවේක කාලයේ දී පමණක් අවශ්‍ය ආහාර පාන සදහා විදුහලේ ආපනශාලාව පරිහරණය කළ හැකි ය.
- සෑම පන්තියකටම, සෑම විෂයයකටම පැවරුම් ගොනුවක් තිබිය යුතු ය. විෂය භාර ගුරුභවතුන් පාසලට නොපැමිණි අවස්ථාවල දී නියමිති පැවැත්ම පන්තියට දීම විෂය නායකයකුගේ කාර්යයක් වන අතර පන්ති නායකයින් ඒ සදහා සහාය විය යුතු ය.
- පන්ති පවිත්‍රව, අලංකාරව, විධිමත් ව පවත්වාගෙන යාම පන්ති නායක නායිකාවන්ගේ වගකීමකි.
- ආහාර ගැනීමේ දී පන්ති කාමරය තුළ නිහඩව, සන්සුන්ව ආහාර ගත යුතු ය. ඉතිරි ආහාර හා කඩදාසි නියමිත ස්ථානයට බැහැර කළ යුතු ය.
- සෑම පන්තියකටම කැළි කසළ බදුනක් තබා ගත යුතු ය. ඉදල, කොස්ස, වතුර පෝච්චිය ආදිය ඉතා ප්‍රවේශම් සහිතව තබා ගැනීම පන්ති නායක නායිකාවන්ගේ වගකීමකි.
- ඉගෙනීම් කටයුතු සදහා පන්ති කාමරයෙන් බැහැරව යන්නේ නම් සීනුව නාද වූ වහාම පෙළ ගැසී අදාළ ස්ථානයට යා යුතු ය.
- පෞද්ගලික දුරකථන පාසල තුළට රැගෙන ඒමෙන් වැළකී සිටිය යුතු ය.
- සෑම කාලපරිච්ඡේදයක් අවසානයේම නියමිත ගුරුවරයා පැමිණෙන තුරු නිහඩව ඊළග විෂයයට සූදානම් විය යුතුය. විනාඩි 10 ක් තුළ අදාළ ගුරුවරයා නෙපැමිණෙන්නේ නම් පන්ති නායක නායිකාව හෝ විෂය නායක නායිකාව විසින් අංශභාර ගුරුවරයාගෙන් විමසිය යුතුය.
- පාසල් වේලාව තුල කවර හෝ බාහිර අයෙකු සමග සබදතා පැවැත්වීම තහනම් වේ.
- පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට අදාල නොවන පුවත්පත් ඡායරූප , ලිපි, ජංගම දුරකථන, සංයුක්ත තැටි වෙනත් උපකරණ රැගෙන ඒම හා ළග තබා ගැනීම සපුරා තහනම් වේ.
- පාසල නියෝජනය කිරමින් සහභාගී වන ඕනෑම අවස්ථාවකට පාසල් නිල ඇදුමෙන් සහභාගී විය යුතු අතර පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුය.
- Home
- අපේ පාසල ගැන
- පාසලේ විනය නීති