ගා/ගෝනගල ජාතික පාසල
පාසල් ගීතය
සොමිගුණ පතුරන හදවත් නලවන
සියොතුන් ගී නද නිතර ඇසේ
ඉසුරින් නමගිය කුළුනින් තෙත් කළ
හදවත් ඇති ජන නිජ භූමී
ගෝනාගල අප විදුහල් මවුනි
සැමදා සැරදේ සැරදේවා ...............//
බුදුනුහු බැතියෙන් දරුවන් සුසදා
ළෙහි ගන්වා දුන් නැණ ආලෝකේ
ලැබුවෝ වෙති අද මහදන වත්හූ
උගත් කමේ අඩු ලුහුඩු නැතී
ගෝනාගල අප විදුහල් මවුනි
සැමදා සැරදේ සරදේවා ..............//
විදුහල් මවුනි ඔබේ ගුණ ගීතා
ගයමිණ වදිමු දෙපා ඔබ සැමදා
ගෙනයනු මැන අප ජය මාවතෙහි
ඔබෙ ඔවදන් අපි පිලිපදිමු
ගෝනාගල අප විදුහල් මවුනි
සැමදා සැරදේ සරදේවා ..............//