නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ගා/ගෝනගල ජාතික පාසල

රටක අනාගත පැවැත්ම තීරණය කරන ප්‍රධානතම සාධකය වන්නේ අධ්‍යාපනයයි.අධ්‍යාපනය කාලයත් සමග අලුත්වන සන්කල්පයකි.වත්මන තුළ නවීන තාක්ෂණය හමුවේ ලොව එකම විශ්ව ගම්මානයක් බවට පත්වෙමින් පවතින අතර දැනුම ගවේෂණයට ඇති අවස්ථා පුළුල් වී ඇත.වර්තමානයේ අධ්‍යාපනයට එල්ලවී ඇති ප්‍රබල අභියෝගය වන කොරෝනා වසන්ගත තත්වය හමුවේ සාම්ප්‍රදායික අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් දැනුම සොයා යාමට දරුවාට විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාව පවතී.දරුවාගේ දැනුම වර්ධනය කිරීමට මෙන්ම ආකල්ප කුසලතා සන්වර්ධනයට දරුවන් උදෙසා ආරම්භ කිරීමට නියමිත මෙම වෙබ් අඩවිය තෝතැන්නක් වනු ඇත.දුරස්ථ ඉගෙනුම් අවස්ථාවන් ඔස්සේ ශිෂ්‍යයා තව දුරටත් සාම්ප්‍රදායික රාමුවකට කොටු නොවී දැනුම සොයා යන්නෙකු බවට පත්වේ.මෙම වෙබ් අඩවිය තුල සියලු විෂයන්ට අදාළ කරුණු නිරන්තරයෙන් යාවත්කාලීන වීම තුළ ජාතික අධ්‍යාපන අරමුණු වලට ලගා වෙමින් ඵලදායී පෞර්ෂයකින් ඇති දරුවන් සමාජගත කිරීමට පිටුවහලක් වනු ඇත.