පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අවශ්‍ය වේ.
සුදු කමිසය
- අත් කොට විය යුතු ය.
- සාක්කු එකයි එයි විද්‍යාලයේ නිල ලාංඡනය දකුණු ඉහළ කෙළවරේ මසා තිබිය යුතු ය.
- සුදු බොත්තම් විය යුතු ය.
කොට කලිසම (නිල්/සුදු)
- පැති සාක්කු දෙකක් හා පිටුපස සාක්කු එකක් විය යුතු ය.
- දනහිසෙන් පහළට නොමැසිය යුතු ය.
- තනි මැස්ම විය යුතු ය.
නිල ඇදුම අදින විට පිරිමි ළමුන් පහත දැක්වෙන පිළිවෙල ද අනුගමනය කළ යතු ය.
- කළු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.
- කොණ්ඩය කොටට කපා පැත්තට පීරිය යුතු ය.
- බෑන්ඩ් නොපැළදිය යුතු ය.
සුදු ගවුම
- සුදු ගවුමේ ඉණ උරහිසේ සිට ඉනට නියමිත පරිදි උසට තිබිය යුතු ය.
- බද පිටිය ඉනේ ප්‍රමාණයටම තබා හක් හෝ අයිලට් තබා ඇල්ල්ය යුතු ය.
- දණහිස වැසෙන තරම් පහළට ගවුම මැසිය යුතු ය.
- ගවුමේ රැල්ලේ ප්‍රමාණය අගල් තුනක් පමණ විය යුතු ය.
- වැලමිට පිහිටන සීමාව ගවුමේ ඉණ පිහිටන සීමාව වේ.
- බද පටිය අගල් 2කට නොවැඩි විය යුතුය.
නිල ඇදුම අදින විට ගැහැනු ළමුන් පහත දැක්වෙන පිළිවෙල ද අනුගමනය කළ යතු ය.
- කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.
- සුදු මේස්, කළු සපත්තු පැළදිය යුතුය.
- කොන්ඩය කණ නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
- කොන්ඩය දෙකට බෙදා පීරා තිබිය යුතුය.