පාසලේ ආරම්භය හා ඉතිහාසය
1876 - සෙනරත්ගොඩ මුල්ගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් සිසුන් 03න් යුතුව මුල්ලෙගොඩ පරගහතොට ප්‍රදේශයේ අතු සෙවිලි කල මඩුවක පාසල ආරම්භ වූ අතර පසුව දෙල්තුඩුව නම් ස්ථානයටත් පසුව ගෝනගල ප්‍රදේශයටත් ගෙන එන ලදී.
1950 - උසස්පෙළ කළා අංශය ආරම්භ විය.
1958 - ප්‍රථමෙයෙන් විශ්ව විද්‍යාලයට තේරී පත්වීම.
1970 - එම්.ජී.අමරසිරි මහතා විසින් මුල්ම ක්‍රීඩා උත්සවය, කරපටිය,පාසල් ගීතය, පාසල් කොඩිය,නිලලාංඡන,ශිස්‍ය නායක මණ්ඩලයක් පති කිරීම.
1976 - උසස්පෙළ වාණිජ අංශය ආරම්භ විය.
1990 - දෙමහල් ගොඩනැගිල්ල ලැබීම.
1992 - විශේෂ අධ්‍යාපන ඒකකය පිහිටු වීම.
1994 - නවෝද්‍යා පාසලක් වීම.
2000 න් පසු - උසස්පෙළ විද්‍යා අංශය ආරම්භ වීම.
2004 - පරිගණක ඒකකය ලැබීම.
2008 - පුස්තකාලය ලැබීම.
2010 - ශිෂ්‍ය භට කණ්ඩායම ලැබීම.